Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ ධීවර ඇමතිට ජනතාවගෙන් දැඩි විරෝධයක්…:

යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න සමූහ මිනී වල ස්ම්බන්ධයෙන් පැවැත්වෙන ජනතා විරෝධතාවයට එක්වීමට ගිය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ට එම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවී විය.

මෙහිදී ජනයා අමාත්‍යවරයාට දැඩි විරෝධතාවක එල්ල කරමින් පවසා ඇත්තේ, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට කටයුතු නොකළ බවයි. අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යනතුරුම එම ජනතාව විරෝධය පළ කර තිබේ.

චෙම්මනි ප්‍රදේශයේදී සමූහ මිනී වළ 1996 වසරේදී සොයා ගත් අතර එහි කැණීම් කටයුතුවලදී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබිණ. මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොනු කර ඇත.

පසුගියදා යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් මිනිස් ඇටසැකිලි සොයා ගැනීමත් සමග, යාපනයේ අරියාලේ චෙම්මනි සමූහ මිනී වල පිළිබඳ කතා බහ යලි අලුත් විය.

අධිකරණ නියෝග මත චෙම්මනි සමූහ මිනී වළ පිළිබඳ කැණීම් කටයුතු ආරම්භ වූ අතර මිනිස් ඇට සැකිලි 19ක් එම කැණීම් වලදී හමුවී තිබෙනවා. එම මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කෙරෙන තුරු සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර යළි හෙට 26 සිට කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ මෙහි කැණීම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බවට සහතික වන ලෙසයි.

Related posts

Mahmudullah to captain Bangladesh T20I side

Mohamed Dilsad

US troops leaving Syria will go to Iraq, says Pentagon chief

Mohamed Dilsad

கண்டி வன்முறை – நால்வருக்கு பிணை

Mohamed Dilsad

Leave a Comment