දේශීය

නව තානාපතිවරුන් තිදෙනෙක්

ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ.

 

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්විය.

 

අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.

 

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් පත් කර ඇත.

 

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ පත් කර තිබේ.

 

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පත් කර ඇත.

Related posts

පළමු රන්දෝලි පෙරහර අදයි

Mohamed Dilsad

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

උසස් පෙළට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment