දේශීය

පොලිස් නිලධාරීන්ට පහරදීමක්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බාධා එල්ල කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ට පහරදීමක් සිදුකර තිබුණි.

 

පහරකෑමෙන් තුවාල ලැබු එම නිලධාරින් දෙදෙනා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.

 

පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

පාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

කොරෝනා ආසාදිතයින්ට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමට පියවර

Mohamed Dilsad

Leave a Comment