දේශීය

පොලිස් නිලධාරීන්ට පහරදීමක්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බාධා එල්ල කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ට පහරදීමක් සිදුකර තිබුණි.

 

පහරකෑමෙන් තුවාල ලැබු එම නිලධාරින් දෙදෙනා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.

 

පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බගවන්තලාව රත් වෙයි – පොලීසියට ඇමතිගෙන් තර්ජනයක් ?

Mohamed Dilsad

ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න

Editor O

වැඩිකල සමෘද්ධි දීමනාව අද සිට

Mohamed Dilsad

Leave a Comment