දේශීය

වැඩිකල සමෘද්ධි දීමනාව අද සිට

(UTV | කොළඹ) – දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කර තිබෙනවා.

මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

මීට රුපියල් 1500 ක දීමනාවක් ලබා ගත් පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දැනුම් දෙන්නේ.

ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක සංඛ්‍යාවක් සදහා මෙලෙස වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව ලබා දීම අද සිට අරම්භවනු ඇති.

Related posts

උගුර ,කන ,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක් [LETTER]

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ 10 වසරට එයි

Mohamed Dilsad

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

Mohamed Dilsad

Leave a Comment