දේශීය

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද

(UTV | කොළඹ) – අධිකරණ නියෝග ලබා ගනිමින් වෘත්තීය සමිති මර්දනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු සංවිධානයට සහ යුරෝපා සංවිධානයට පැමිණිලි කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඔහු කියා සිටියේ අද දිනයේ වර්ජනය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති කොළඹට කැදවා මහ මඟ සිට මහා සභා රැස්වීමක් පවත්වා තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් පසුගිය 07 වන දා ආරම්භ කළ වර්ජනය අද 8 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයටයි. වර්ජනය ආරම්භයේදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද ඊට එක්ව සිටි අතර කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයත් සමග ඔවුන් එම වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට කටයුතු කළා.

Related posts

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක්

Mohamed Dilsad

18 හැවිරිදි තරුණියක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment