දේශීය

නිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්

මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

 

දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව එම සන්ධානය සඳහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා,

 

“නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් ලැබුණේ නෑ. සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා. ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා.”

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

Editor O

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අලුතින් 40ක් දැනටම ඇවිත්

Editor O

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

Mohamed Dilsad

Leave a Comment