දේශීය

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30) රැස්වීමට නියමිතව තිබේ.

 

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමු වරට රැස් වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි.

 

මේ දක්වාත් සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයා පත් නොකිරීම හේතුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සාමාජිකයින් 9 දෙනෙකුගෙන් පමණක් රැස්වී තිබු බව සඳහන්ය.

 

එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට ලක්වු අතර අද දිනයේ දි තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

 

ඒ අනුව මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මුදල්, සීමානීර්ණ, ජාතික ප්‍රසම්පාදන යන කොමිශන් සභා සඳහා මෙලෙස සාමාජිකයින් පත්කෙරෙනු ඇත.

 

 

Related posts

ජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයි

Mohamed Dilsad

වෛද්‍යවරු වැඩ වර්ජනයක

Editor O

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

Leave a Comment