දේශීය

කාලගුණයේ වෙනසක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි බලපෑම හේතුවෙන් අද (30) සවස් කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසිද ඇතිවේ.

 

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Editor O

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

Editor O

Leave a Comment