දේශීය

රුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ව්‍යාජ රන් බන්දේසිය ගැන පුළුල් විමර්ශනයක්

නිධානයකින් ලබාගත් රත‍්‍රං බන්දේසියක් බව පවසා රන් පැහැ ගැන්වූ ව්‍යාජ බන්දේසියක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

 

ඒ, අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුවය.

 

සැකකරුවන් විසින් රන් පැහැති ව්‍යාජ බන්දේසිය අනුරාධපුර නිවත්තකචේතිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට ලබාදී රුපියල් ලක්ෂ 150ක මුදලක් වංචනික ලෙස ලබාගෙන තිබේ.

 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වංචාවට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණි.

Related posts

ප්‍රථම වතාවට ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

Mohamed Dilsad

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන පුහාරයක්

Editor O

Leave a Comment