දේශීය

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

විසල් හම්බන්තොට’ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97කගේ නිවාස අහිමි වී තිබේ.

 

ඒ අනුව හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 10.11ක් පමණ වූ රජයේ ඉඩමක් එම පිරිසට ලබාදීමට විකල්ප ඉඩමක් ලෙස හඳුනාගෙන ඇත.

 

එම ඉඩමේ නේවාසික භාවිතය සඳහා බිම් කොටස් 126ක් හඳුනාගෙන ඇති අතර, මේ වනවිට නිවාස අහිමි වූ පවුල් 97න් පවුල් 84ක් සඳහා බිම් කොටස් වෙන් කර දී ඇත.

 

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදුකළ යෝජනාවක් අනුව විසල් හම්බන්තොට ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවූ පිරිසට සිරිබෝපුර පිහිටි අක්කර 10.11ක් පමණ වූ රජයේ ඉඩමෙන් කොටසක් වෙන්කර දීමටත් ඒ සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ මඟ පෙන්වීම යටතේ නිත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

Related posts

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන තෙක් මහාධිකරණයෙන් රාජිත රඳවා ගනී.

Editor O

ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා සෙනහසින් බාර දී, යුතුකම ඉටු කර, ධූරයෙන් නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment