දේශීය

ගොවීන්ට ඩීසල් සහනයක්

‍පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

අදාළ සහනය ලබාදෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබා දෙන වන්දි මුදලට අමතරව බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේය.

 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

 

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඉදිරි දින දෙක තුළ ඩීසල් ‌බෙදාහැරිමට නියමිතය.

 

Related posts

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

Mohamed Dilsad

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment