Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව එම කොමිෂන් සභාව පැවසීය.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි. කෙසේවෙතත් එහිදී ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවය.

ඊට බස් සංගම් සිය විරෝධය පළ කළ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවය.

ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Related posts

Gotabhaya arrived at Presidential Commission

Mohamed Dilsad

UNP MPs set for crunch talks

Mohamed Dilsad

බාලවයස්කාර පිරිමි ළමයෙකුගේ ඇසට නයි මිරිස් දැමූ හතරලියද්ද පොලිස් ස්ථානාධිපතිට, එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment