දේශීය

ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් නිවේදනය කෙරෙයි

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව වාර්තා වේ.

 

එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වන බවයි.

 

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කෙරෙන්නේ, එහි නව මිල රුපියල් 1.431ක් දක්වා ඉහළ නංවමිනි.

 

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙසයි.

Related posts

ටයිල් චමින්ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්

Mohamed Dilsad

අද විදුලි කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment