ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

 

ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එම නගරවල වායු දූෂණය අවදානම් මට්ටමක් පැවතීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් මෙම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලි සහ මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉදිරි තරග කිසිවක දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් වේ.

Related posts

ක්‍රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.

Editor O

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

Mohamed Dilsad

කාන්තා එක්දින ලෝක කුසලානය තවත් වසරකින් කල් යයි

Mohamed Dilsad

Leave a Comment