දේශීය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

 

සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රුපියල් මිලියන 68ක් ණය ලබාගැනීමෙන් බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ ඊට ගනු ලැබු නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව නිර්දේශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

එමෙන්ම සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කෝප් කමිටුව විසින් නියෝග කර ඇති අතර ප්‍රමාද වූ 2021/2022 වාර්ෂික වාර්තා ලබන ජනවාරිය අවසන්වීමට පෙර ඉදිරිපත් කරන ලෙසද නි‍ර්දේශ කර තිබේ.

 

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතයේ සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්

කරයි.

 

Related posts

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

සමෘද්ධිලාභීන්ට දුන් ණය මුදල ආධාරයක් බවට පත් කිරීමට පියවර

Mohamed Dilsad

රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment