දේශීය

චීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ලද පණිවුඩයක් අනුව ඉංගිරිය, අරකාවිල, හඳපාන්ගොඩ ප්‍රදේශයේ අක්කර 14 වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදී නිවසේ මේසයක් මත කුඩා රෙදි බෑගයක් තුළ සඟවා තිබූ ගිනිඅවිය සොයාගත් බව පොලීසිය පවසයි.

 

සැකකාරිය සතුව තිබූ ගිනිඅවිය, මැගසිනය සහ සහ ජීව උණ්ඩ පහළොවක් පොලිස් භාරයට ගෙන ඇති බව ඉංගිරිය පොලීසිය සඳහන් කළේය.

 

පිස්තෝල ගිනිඅවියේ “5002823” යන අංකය සටහන් කර තිබුණද තවත් ස්ථානයක අංක මකා දමා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දන්නා හඳුනන ත්‍රීරෝද රථ රියදුරකු විසින් මෙම ගිනිඅවිය ලබාදුන් බව පවසා තිබේ.

 

පොලිස් භාරයට ගත් ගිනිඅවිය යොදාගෙන අපරාධ සිදුකර ඇද්දැයි සොයා දීර්ඝ විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකාරිය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මැතිවරණ වියදම් වාර්තා බාරදීමට අපේක්ෂකයන්ට දින 21ක් : බාර නොදෙන අයට නඩු

Editor O

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

Editor O

මාර්තු හා අප්‍රේල් මාස සඳහා වෙන් වෙන්ව විදුලි බිල්පත් සැකසීමට ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment