දේශීය

මාර්තු හා අප්‍රේල් මාස සඳහා වෙන් වෙන්ව විදුලි බිල්පත් සැකසීමට ඇමතිගෙන් උපදෙස්

(UTV | කොළඹ ) – විදුලි බල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සියලුම ජනතාව නිවාසවල රැඳි සිටි කාල සීමාව තුළ එම ජනතාවගේ පහසුව සඳහා අඛණ්ඩව විදුලි සම්පාදනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කල බවත් ඒ සම්බන්ධයෙන් රටේ සියලු දෙනාගේ කෘතඥතාව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු කාර්ය මණ්ඩල වෙත හිමිවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (13) පසුවරුවේ විදුලිබල අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

Editor O

පොඩි ලැසීගේ ආරක්ෂාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment