විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 44 ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොව පුරා කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 44 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් හතළිස් හතර ලක්ෂ 25,639 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

වෛරසය ආසාදනය විමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 297,765 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 1772කි.

මේ වන විට වෛරසය ආසාදනය විමෙන් අමෙරිකාවෙ මරණ 85,197ක් සිදුව ඇති අතර 1,430,348 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

Related posts

සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයි

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

Editor O

Leave a Comment