විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 44 ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොව පුරා කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 44 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් හතළිස් හතර ලක්ෂ 25,639 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

වෛරසය ආසාදනය විමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 297,765 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 1772කි.

මේ වන විට වෛරසය ආසාදනය විමෙන් අමෙරිකාවෙ මරණ 85,197ක් සිදුව ඇති අතර 1,430,348 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

Related posts

ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

මෙල්බර්න් නුවර තවදුරටත් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment