විදෙස්

ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(උදයම්,ලන්ඩනය)  –  පසුගිය සෙනසුරාදා ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගනී.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මගින් මෙම සැකකරුවන් හඳුනාගෙන තිබේ.

පාකිස්තානයේ උපත ලැබූ 27 හැවිරිදි ඛරුම් බට් ,ඉන් එක් සැකකරුවෙකු වන අතර මොරොක්කෝ සහ ලිබියානු සම්භවයක් සහිත 30 හැවිරිදි රචිඩ් රෙඩවුන් අනෙක් ත්‍රස්ත සැකකරු ලෙස හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා ඇතුළු ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් තිදෙනාම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ.

 

Related posts

MonkeyPox තවත් රටවල් 3කට පැතිරෙයි

Mohamed Dilsad

දිල්ලියේ වායු දුෂණය යළි ඉහළ යයි

Mohamed Dilsad

38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

Leave a Comment