ව්‍යාපාරික

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව නැංවීමට ඔස්ට්‍රේලියාවේ සහාය

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව නැංවීම සඳහා සුවිශේෂි සහයෝගයක් ලබාදීමට ඔස්ට්‍රේලියාවේ මහා කොමසාරිස් Bryce Hutchesson මහතා එකඟත්වය පළ කොට ඇත.
මෙලෙස ඔස්ට්‍රේලියානු සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කොට ඇත්තේ අද (06) උදෑසන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හා පැවැති සාකච්ඡාවේදී ය.
විශේයෙන්ම දිනෙන් දින දියුණුවට පත් වන සංචාරක ක්ෂේත‍්‍රයට මෙන්ම සෙසු ආයතන සඳහා අවශ්‍ය නිපුණ ශ‍්‍රමිකයන් බිහි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා ද මහා කොමසාරිස්වරයා එකඟ විය.
විශේෂයෙන්ම සංචාරක ශ්‍රේණියේ නිරත ශ‍්‍රමිකයන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් භාෂා විද්‍යාගාරයක අවශ්‍යතාවය ඇමතිවරයා විසින් ඉදිරිපත් කර අතර ඒ පිළිබඳව සලකා බැලීමට මහා කොමසාරිස්වරයා එකඟ වී ඇත.
මෙම අවස්ථාවට  ඔස්ට්‍රේලියාවේ මහා කොමසාරිස් කාර්යාලයේ  උපදේශක charlotte Blundell මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

Related posts

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Mohamed Dilsad

සමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Editor O

රුපියල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment