ප්‍රමුඛ පුවත 1

රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – නීති විරෝධී ලෙස රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගැනේ.

ඔහු ගුවන්තොටුපළ රේගු බලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශ්වවිද්‍යාල සිසුවා EY 267 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා පිටත්ව යාමට සුදානමින්ග සිටි අවස්ථාවේ ඔහුගේ බෑගයේ පසුම්බියක් තුළ තිබී මෙම මැණික සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

මෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බව ගණන් බලා ඇති බවත්, එම මැණික් ගල රාජ සන්තක කොට සැකකරුට රු. ලක්ෂයක දඩයක් නියම කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

Related posts

අද දිනයේත් සාමාන්‍යයෙන් තද සුළං

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද CID යට

Mohamed Dilsad

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment