ප්‍රමුඛ පුවත 1

රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – නීති විරෝධී ලෙස රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගැනේ.

ඔහු ගුවන්තොටුපළ රේගු බලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශ්වවිද්‍යාල සිසුවා EY 267 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා පිටත්ව යාමට සුදානමින්ග සිටි අවස්ථාවේ ඔහුගේ බෑගයේ පසුම්බියක් තුළ තිබී මෙම මැණික සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

මෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බව ගණන් බලා ඇති බවත්, එම මැණික් ගල රාජ සන්තක කොට සැකකරුට රු. ලක්ෂයක දඩයක් නියම කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

Related posts

ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්

Mohamed Dilsad

චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් භාරවෙයි..

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

Leave a Comment