ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

(UTV| කොළඹ) – ගොවීන් සතුව විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

මෙම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් වෙත මුදා හැර තිබේ. අදාළ වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළද පළට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙස අමාත්‍යංශය එම නිලධාරින්ට උපදෙස් දී ඇත.

තම අස්වනු අළෙවි කර ගැනීමට නොහැකි වුවහොත් වට්ටක්කා ගොවින් අකර්මන්‍ය වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන හෙයින් තමා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා සිටි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වගා කටයුතු වලදී ගොවින් වෙළඳ පොළ සහ කාළගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ අදාළ වගාකටයුතු සඳහා යොමු කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගතයුතු බව ඇමති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(08) එහි ගිය අවස්ථාවේ දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ පැමති සාකච්ඡාවේදී ඇමතිවරයා පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් බි. විජේරත්න සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. බී. විරසේකර යන මහත්වරුද සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති

Mohamed Dilsad

ජාලියට යළිත් වරෙන්තු

Mohamed Dilsad

ආසියානු සමාගම්වල කොටස් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment