ප්‍රමුඛ පුවත 1

අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති

(උදයම්,කොළඹ)   –  කොච්චිකඩේ කටාන ප්‍රදේශයේ පෙරහැරක ගමන් කරමින් සිටි අලියෙකු පහරදීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙති.

ඊයේ(11) රාත්‍රියේ කටාන වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර පැවති අතර එම පෙරහැරේ ගමන් කළ අලියෙකු මෙම භික්ෂූන් වහන්සේට පහරදී ඇති බව පොලිසිය පැවසුවේය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ මීගමුව රෝහට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද(12) අළුයම අපවත් වුහ.

අපවත්වන විට උන් වහන්සේ 25 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ.

උන් වහන්සේ කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි භික්ෂුන් වහන්සේ නමක් වන අතර අපවත්වන විට අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ  පිරිවෙනක ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර තිබේ.

Related posts

පුල්මුඩේ හා විල්පත්තු බොරු චෝදනා ගැන ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙයි

Mohamed Dilsad

මාර්ග තදබදය අවම කිරීමට දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට සුදානම්[VIDEO]

Mohamed Dilsad

උත්සව සමය ‍වෙනුවෙන් 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා..

Mohamed Dilsad

Leave a Comment