ප්‍රමුඛ පුවත 1

දිලීෂාට සහ වඩිවේලුට සුබ පැතුම්

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකික ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට ජර්මානු මාධ්‍ය සංවර්ධන සම්මානය හිමි කර ගැනීමට අවස්ථා උදා වෙයි.

මෙවැනි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ පළමු වතාවටය.සංහිඳියාව වෙනුවෙන් දිලීශා අබේසුන්දර හා ශන්මුගරාසා වඩිවේලු කළ වාර්තාකරණය මෙහිදී සුවිශේෂී ඇගයුමට ලක් වී ඇත.

ජුනි මසදී පැවැත්වෙන ජර්මානු මාධ්‍ය සංවර්ධන සම්මාන උත්සවයේදී එය ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනී දිලීශා අබේසුන්දර හා ශන්මුගරාසා වඩිවේලු ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ජර්මනියේ බර්ලින් නුවර මුල් කර ගත් මාධ්‍ය සංවර්ධන සංවිධානය, මාධ්‍ය සංක්‍රමණ ආයතනය හා එක්ව ව්‍යාපෘතීන්වල නියැලේ.

ජුනි 13වැනිදා බර්ලිනයේ පැවැත්වෙන උත්සවයට මීට ප්‍රථම අවුරුදුවල සම්මාන දිනා ගත් ඉරාකයේ, සිරියාවේ හා සුඩානයේ මාධ්‍යවේදීහු සහභාගි වෙති.

‘ද කැටමරාන්’ (The Catamaran) වෙබ් අඩවියේ පරිපාලක හා සංස්කාරකවරුන් විසින් මොවුන් සම්මාන සඳහා සුදුසු බව නිර්දේශ කර ඇත.

 

Related posts

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට 15දාට පෙර අවස්ථාව.

Mohamed Dilsad

ඩෙටනේටර් තොගයක් නුවරඑළියේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment