ප්‍රමුඛ පුවත 1

ජපන් විශේෂඥ කණ්ඩායම අපද වාර්තාව භාර දෙයි

(උදයම්,කොළඹ)  –  දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණ ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව පසුගිය දා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාරදෙනු ලැබීය.
මෙම ජපන් විශේෂඥ කණ්ඩායම 15දෙනෙකුන්ගෙන් සමන්විත වන අතර මෙහිදි ආපදා තත්ත්වයන් අවම කිරීම සඳහා ඔවුන් විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කොට ඇත.
ආපදාවක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති ස්ථානයන් හි ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම, එම ස්ථාන ස්ථායිකරණය කිරීම, හදිසි ආපදා තත්ත්වයකදී ඉන් ඉවත්වීමට එම ජනතාවට අවශ්‍ය පුහුණුව ලබාදීම, ගංගා ද්‍රෝණිවල ජල බැස්මක් ඇතිකිරීම වැනි කරුණු ජපන් විශේෂඥ කණ්ඩායම විසින් යෝජනා කොට ඇති කරුණු අතර වේ.

Related posts

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය හමුවේ දුම්රිය, ලංගම, තෙල් අදායම පහතට.

Mohamed Dilsad

Leave a Comment