විදෙස්

දිල්ලියේ වායු දුෂණය යළි ඉහළ යයි

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යාමත් සමගම නගර වැසියන් ශ්වසන අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ වායු දූෂණයට එරෙහිව සටන් කිරීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් බව බලධාරීන් චෝදනා කරයි.

දෛනික කටයුතු සදහා නගරයට පැමිණෙන බොහෝ පිරිසක් ශ්වසන අපහසුතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කර තිබේ.

දිල්ලි නගරයේ වායු දූෂණය මේ වන විට ජන ජීවිතවලට දැඩි තර්ජනයක් වෙමින් පවතින බව වාර්තාවේ.

කෙසේ වෙතත් එළඹෙන ශීත සෘතුවත් සමග මෙම තත්ත්වය තවත් දරුණු අතට පත්වීමට ඉඩකඩ ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

වෛරස ව්‍යාප්තිය හමුවේ නවතා තිබූ කර්මාන්ත යළි ආරම්භ කිරීම හා අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන කොටස් පුලුස්සා දැමීම වායු දූෂණය ඉහළ යාමට හේතු වී ඇති බව පරිසරවේදීහු පවසති.

Related posts

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන්

Mohamed Dilsad

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment