දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV |ගම්පහ) –  මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (26) මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 541 ක් සමඟය.

ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ.

ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 42 දෙනෙකු සහ මිනුවන්ගොඩ, පෑලිගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 499 දෙනෙකු සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව ඊයේ රාත්‍රිය වන විට මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන් රෝගීන් 3,933 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

රෝගීන් 4,464 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් 541 දෙනා මෙරට දිනකදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ තෙවන අවස්ථාව ලෙස සැලකේ.

Related posts

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

කොරෝනා වෛරසය ජංගම දුරකථන වලිනුත්

Mohamed Dilsad

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment