දේශීය

පෙරියකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයට අයත් පෙරියකාඩු යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නීරෝධායන මධ්‍යස්ථානයේ දී සාර්ථකව දින 14 නීරෝධායනයට ලක්වූ පුද්ගලයින් 111දෙනෙකු තම නිවෙස් බලා පිටත්ව හැරීම අද (14) සිදු විය.

එම කඳවුරු භූමියේ දි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ බලසේනාධිපති කර්නල් සේනක ප්‍රේමවංශගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරිණි.‍

මෙම පිරිස දින 14ක සාර්ථක නීරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු පීසීආර් පරික්ෂණයකින්ද අනතුරුව අද මෙලෙස විසිර ගිය අතර ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 45ක් කාන්තාවන් 41ක් හා කුඩා දරුවන් 25ක්ද වූහ.

Related posts

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව කියයි.

Editor O

දිවයින පුරාට වැඩි වැසි

Mohamed Dilsad

බඩ ඉරිඟු මිල පාලනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – ගොවිජන සම්මේලනය

Mohamed Dilsad

Leave a Comment