දේශීය

දකුණේ පාසල් ගැන තීරණයක්

‍ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් හෙට (11) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

 

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බව ඔහු සඳහන් කළේය.

 

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඊයේ (09) සහ අද (10) දිනයේ වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.

Related posts

කරවල මිල අඩුවෙයි

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළ යයි

Mohamed Dilsad

කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment