දේශීය

අමානුෂික ඝාතනයක්

වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි අයෙකි.

 

මියගිය පුද්ගලයා බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් උරණ වූ පියා සහ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

 

පියා සහ වැඩිමහල් සහෝදරයා මියගිය පුද්ගලයාට සැරයටියකින් සහ අතින් පයින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතනය වී තිබේ.

 

ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පියාව සහ 43 හැවිරිදි මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

Editor O

රටපුරා සිනමාහල් ඇරේ

Mohamed Dilsad

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment