දේශීය

අමානුෂික ඝාතනයක්

වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි අයෙකි.

 

මියගිය පුද්ගලයා බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් උරණ වූ පියා සහ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

 

පියා සහ වැඩිමහල් සහෝදරයා මියගිය පුද්ගලයාට සැරයටියකින් සහ අතින් පයින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතනය වී තිබේ.

 

ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පියාව සහ 43 හැවිරිදි මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment