දේශීය

ජාතික රෝහලේ CT යන්ත්‍ර 2ක් බිඳවැටෙයි

කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා,

 

“ඊයේ දවසසේදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් අපි දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදුකර යන්ත්‍රයයි බිඳවැටීම සිද්ධ වුණේ. වැඩිම පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකරන්නේ එම යන්ත්‍රයෙන්. දැන් ලංකාවේ මේ වනවිය CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තාම බිඳවැටුණු තත්ත්වයේ තිබෙන්නේ. එම රෝහල්වල යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් රෝගීන් ප්‍රවාහානයට සහ පෞද්ගලික අංශයෙන් CT පරීක්ෂණ කර ගැනීම සඳහා අපිට ඊට වැඩිය වැඩි මුදලක් වැය කරන්න සිද්ධවෙනවා මෙම පරික්ෂණවලදී.”

 

Related posts

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ (ටින්) අංක ගත් අයට දැනුම්දීමක්.

Editor O

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

Mohamed Dilsad

ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

Mohamed Dilsad

Leave a Comment