දේශීය

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී ‍කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාර මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළාගොස් තිබේ.

 

එලෙස පළාගොස් ඇත්තේ, මල්වත්තේ අමිල නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

 

අද (30) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරෝයින් ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ, දෙමටගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණය අසලදීය.

 

අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, මල්වත්තේ අමිල නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් එම හෙරොයින් මිල දී ගත් බවයි.

 

ඒ අනුව නිලධාරීන්, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලවා මල්වත්තේ අමිල නැමැත්තාව බොරැල්ල පී. සරවණමුත්තු ක්‍රීඩාංගණය අසලට ගෙන්වා ගෙන තිබේ.

 

ඔහු රතු පැහැති මෝටර් රථයකින් අදාළ ස්ථානයට පැමිණෙන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබිණි.

 

එම අවස්ථාවේ දී සුදු පැහැති වෑන් රථයෙන් පැමිණි විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු මෝටර් රථය පසුපසට ධාවනය කර ඇත.

 

පසුව පොලිස් නිලධාරීන් වෑන් රථයෙන් බැස ඔහු පසුපස හඹා ගොස් තිබේ.

 

එහි දී සැකකරු නැවත සිය මෝටර් රථයට ඉදිරියට ධාවනය කරන්නේ, පොලිස් නිලධාරීන් ද අනතුරට ලක්වන අයුරිනි.

 

එහි දී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු විසින් අදාළ මෝටර් රථය ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ ද සැකකරු පළාගොස් තිබේ.

 

ඒ සමඟ පොලිස් නිලධාරීන් මෝටර් රථය පසුපස හඹා ගිය ද දෙමටගොඩ බේස්ලයින් මාර්ගය හරහා පෑලියගොඩ දෙසට අධික වේගයෙන් ගමන් කිරිමත් සමඟම පොලිස් නිලධාරීන්ට රථය මගහැරී ඇත.

 

පසුව ලද තොරතුරකට අනුව, පෑලියගොඩ ප්‍රදේශයේ කන්ටේනර් අංගනයක් තුළ සඟවා තිබිය දී මෝටර් රථය සොයාගැනීමට පොලිසියට හැකිවී තිබේ.

 

රථය පරීක්ෂා කිරීමේ දී ඊට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී ඇති අයුරු දැකගත හැකිවිණි.

 

මේ අතර, මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, ඒවා ‘පෑලියගොඩ ළහිරු නැමැත්තෙකුට අයත් ඒවා බවයි.

 

ඒ අනුව මත්කුඩු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරන අතර, වෙඩිතැබීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

Leave a Comment