දේශීය

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

(UTV |කොළඹ) – මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට පොලිසිය දැනුම් දීමක් කරයි.

ඒ පොදු ප්‍රවාහන සේවය තුළදී නිරෝධායන රීතීන් උල්ලංඝනයවන ආකාරයට මගීන් ප්‍රවාහනය නොකරන ලෙසයි.

එසේ කළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලීස ස්ථාන වෙත මේ වනවිට චක්‍ර ලේකයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා බස් රථයක මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණි.

Related posts

කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි

Editor O

චීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරට

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment