දේශීය

සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය

සිය නිවස දේපළ සියල්ලම සසුනට පූජාකරමින් පැවිදි දිවියට එළැඹි පවුලක් පිළිබඳ පුවතක් කැබිතිගොල්ලෑවෙන් වාර්තා විය.

 

මෙලෙස පැවිදි දිවියට එළඹෙන්නේ මව, දියණිය සහ බෑණාය.

 

සිව් හැවිරිදි දරුවෙක් සිටින මව්පිය යුවළක් පැවිදිවීමේ සිදුවීමක් පදනම් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වෙයි.

 

ඇතැමුන් මේ ගැන පළකර තිබුණේ දැඩි විවේචනාත්මක අදහස්ය.

 

පසුගිය 27 වැනිදා මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වී තිබුණේ කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේ පදිංචිව සිටි වත්සලා දුෂ්මන්ති සහ ඇයගේ සැමියා වන නුවන් මධුෂංකය.

 

33 හැවිරිදි වත්සලා ගිහිකළ වෘත්තියෙන් ගුරුවරියකි.

 

ඇය සිය සැමියා සමඟ සසුන්ගතවී තිබුණේ මීට පෙර සසුන්ගත වී සිටි ගිහිකළ ඇගේ සහෝදරයා වන මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවීරගොල්ලෑවේ ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම අනුවය.

 

ඔවුන් දෙපළ පමණක් නොව වත්සලාගේ මව එසේත් නැත්නම් ගෝසිංග සේනාසනාධිපති හිමියන්ගේ ගිහිකළ මවත් එදිනම සසුන්ගත වී තිබුණි.

 

ඥාතීත්වයෙන් මව, දියණිය සහ බෑණනුවන් වන ඔවුන් පැවිදි දිවියට එළඹෙන්නේ කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේ පිහිටි සිය නිවස ඉඩම් ඇතුළු දේපළද සසුනට පූජාකරමිනි.

 

ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්.

 

“නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න.”

 

Related posts

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරුවලින් 12 දෙනෙක් මරුට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment