Trending Newsඑසැන පුවත්දේශීය

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ (ටින්) අංක ගත් අයට දැනුම්දීමක්.

(UTV | කොළඹ) –

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවයි.

Related posts

Jennifer Lopez to be honoured with 2019 CFDA Fashion Icon award

Mohamed Dilsad

Zimmer, Faltermeyer to score “Top Gun 2”

Mohamed Dilsad

Economic growth has positive impact – State Min. Lakshman Yapa

Mohamed Dilsad

Leave a Comment