දේශීය

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

සැකකාර දියසෙන්පුර ඩීපෝව භාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් තිබේ.

 

 

Related posts

තුසිත හල්ලොලුවට ඇප

Editor O

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන්ට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝග

Editor O

Leave a Comment