Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ ආයතනවල නෝනා මහත්වරු අද (08) සහ හෙට (09) අසනීපෙන් බව වෘත්තීය සමිති 200ක් කියයි.

(UTV | කොළඹ) –

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් ජූලි 08 සහ 09 දිනවලදී අසනීප නිවාඩු දමා, වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් රැසක් වෘත්තීය ඉල්ලීම් අතර වන බවයි එම සන්ධානය පවසන්නේ.

තැපැල්, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් හෙට දිනයේ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ සමස්ත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ නැංවිය යුතු බවයි. රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සහ රාජ්‍ය ආයතන විකිණීම නතර කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා.

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට පමණක් ඉහළ නැංවූ රුපියල් විසිපන්දහසක දීමනාව සමස්ත රාජ්‍ය සේවයට ලබාදෙන ලෙස රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම වර්ජනයට තම සංගමය එක් නොවන බවයි.

මේ අතර රාජ්‍ය සේවයේ පවතින ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවක් පත්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව 2025 අයවැයෙන් ඊට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

Related posts

China to assist Sri Lanka become Indian Ocean’s financial hub

Mohamed Dilsad

පාළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

கையடக்க தொலைபேசிக்கு ஆசைப்பட்ட சிறுவனுக்கு நேர்ந்த கதி

Mohamed Dilsad

Leave a Comment