දේශීය

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

සැකකාර දියසෙන්පුර ඩීපෝව භාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් තිබේ.

 

 

Related posts

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

රාජිත, රනිල් ට සහය දෙයි.

Editor O

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment