දේශීය

දරුවන්ගේ මතක ශක්තිය හීන වෙලා – මනෝ වෛද්‍ය රූමි රූබන්

ජංගම දුරකතන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

 

ඔහු පැවසුවේ දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය.

 

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ බව සදහන් කළේය.

 

“මේ ඇබ්බැහිවීම් තුළින් මුලින්ම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීම. ඊට පසු අන්තර්ජාලය තුළම සැරිසරන්නට මේ අයට හිතෙනවා. ඉන් අනතුරුව වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වෙනවා. මේක බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් කියලා අද වනවිට හඳුනාගෙන තිබෙනවා. දෙමව්පියන්ව සතුරන් හැටියට දකින්න පුළුවන්.”

Related posts

කොරෝනා වැළකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ මුලසුනට හමුදාපති පත් කෙරේ

Mohamed Dilsad

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවක් ගැන හමුදාවෙන් පරීක්ෂණ

Mohamed Dilsad

තංගල්ලෙන් සුඛෝපභෝගී රථයක් සොයාගනී.

Editor O

Leave a Comment