දේශීය

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.

 

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

 

මේ හේතුවෙන් ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.

 

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර ඇති බව සඳහන් ය.

Related posts

හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Editor O

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගැන නීතිපතිවරයාගේ නිවේදනය හරියට අධ්‍යනය නොකර ප්‍රකාශ නිකුත් කිරීම යහපත් දෙයක් නෙවෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල

Editor O

කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

Editor O

Leave a Comment