දේශීය

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.

 

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

 

මේ හේතුවෙන් ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.

 

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර ඇති බව සඳහන් ය.

Related posts

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment