Trending Newsඑසැන පුවත්දේශීය

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගැන නීතිපතිවරයාගේ නිවේදනය හරියට අධ්‍යනය නොකර ප්‍රකාශ නිකුත් කිරීම යහපත් දෙයක් නෙවෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල

නීතිපතිවරයාගේ නිවේදනය ගැබුරින් අධ්‍යනය නොකර සමාජ මාධ්‍ය තුල යන ශීර්ෂ පාඨ උපයෝගි කරගෙන යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික්ෂණවලට කරන හානියක්’ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවරදි පැවත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“නීතිඥ වරයකු වශයෙන් මට කියන්න පුළුවන් බොහෝ දෙනා නිතිපතිවරයාගේ නිවේදනය හරියට අධ්‍යනය නොකර ප්‍රකාශ නිකුත් කරනවා. නිතිපතිවරයාගේ නිවේදනය කියෙව්වානම් ඉතාමත් පැහැදිලියි ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ නවත්වලා නැ. පරීක්ෂණ තාම ඉදිරියට යනවා.

නීතිපතිවරයාගේ නිවේදනය ගැබුරින් අධ්‍යනය නොකර සමාජ මාධ්‍ය තුල යන ශීර්ෂ පාඨ උපයෝගි කරගෙන යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා .ඇත්ත වශයෙනම මේ ප්‍රකාශ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික්ශණවලට කරන හානියක්. මොකද නිතිපතිවරයා එම ලියුමේ කියලා තියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ද පරීක්ෂණය දිගටම යනවා කියලා .නිතිපතිවරයා කියන්නේ යුක්තිය පසිඳලීමේ වැදගත් පුද්ගලයෙක් .

අධිකරණය ස්වාධීන නිතිපති දේපාර්ථමේන්තුවක් රටකට තියෙන්න ඔනා.නිතිපති වරයා ක්‍රියාත්මක කරන්නේ පරීක්ෂණ සිදු කරන නිළධාරින් ඉදිරිපත් කරන සාක්ෂි මතයි”

Related posts

Navy nabs a person with 2kg of Cannabis

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment