දේශීය

ලක්ෂ 160ක මුදල් වංචාවක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 160ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ මුදල ලබාගෙන එම පොහොර ආනයනය කර නොදී අගරු චෙක්පත් ලබා දී ඇති බව පොලීසීය සඳහන් කළේය.

 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 65 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

 

සැකකරු අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

Mohamed Dilsad

දෙවන අන්තර් මෝසම නිසා වැසි ඇතිවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්. – ජනාධිපති ජාතිය අමතමින් කියයි.

Editor O

Leave a Comment