දේශීය

ලක්ෂ 160ක මුදල් වංචාවක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 160ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් අදාළ මුදල ලබාගෙන එම පොහොර ආනයනය කර නොදී අගරු චෙක්පත් ලබා දී ඇති බව පොලීසීය සඳහන් කළේය.

 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 65 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

 

සැකකරු අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

Mohamed Dilsad

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

Leave a Comment