Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භව්‍යයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ.ඔහුට හිමිව ඇත්තේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයයි.

ඒ අනුව, කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇත. නීතිඥයෙකු වන  ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වේ.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත. දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.  එමනේම ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බව සඳහන් වේ.

ගැරී ආනන්දසංගරී මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන,  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පක්ෂයේ නායක , වී. ආනන්දසංගරී මහතාගේ දෙවන පුත්‍රයා ද වේ.

Related posts

புதிய அமைச்சரவை செயலாளராக எஸ்.அமரசேகர நியமனம்

Mohamed Dilsad

කැනඩාවට සියයට 10%ක, තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාවෙන් තීරණයක්

Editor O

Young Women’s Muslim Association’s donation of Scholarships Books & Brail Quran – [Images]

Mohamed Dilsad

Leave a Comment