Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂන් සභා වාර්තාවට වෙන දේ ගැන රාසමානික්කම්ගෙන් ප්‍රකාශයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බියෙන් වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍යන් රාසමාණික්කම් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පාර්ශ්වයන්වල සිය අකමැත්ත පළකර තිබියදීත් මෙම වාර්තාව සභාගත කළ බව ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රසමානික්කම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණ කරපු මනුෂ්‍ය ඝාතනවල ලැයිස්තුත් ප්‍රකාශයට පත්වන නිසා මෙම කොමිෂන් සභා වාර්තාවෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ මේක සභාගත කළේ නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි 10කට විතර කඩනවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ. ඒ නිසා කොමිෂන් සභා වාර්තාවෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදිහට ජේවීපි එකේ මේ ඉන්න නායකයෝත් ඒ දවස්වල අවුරුදු 18-20 අය. බටලන්ද කොමිසම හරහා ජේවිපි එක කරපු ඝාතනවලත් දැන් ලිස්ට් එලියට එනවා. ඒවා සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේවිපි එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභාගත කරනවාට. මේකෙන් වෙන්නේ සභාගත කිරීම පමණයි. මම අද කැට තියලා කියුවා කියලා හිතාගන්න. කතානායකතුමා සංවේදි වෙනවා මම දැක්කා. අපිත් සංවේදී මේවගේ දේවල්වලට. හැමදේකටම සංවේදී වෙනවානම් හොඳයි.”

Related posts

“Indian cricket team must cope up with tight international schedule,” says Kapil Dev

Mohamed Dilsad

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

“Religious leaders play pivotal role in maintaining peace and harmony” – President

Mohamed Dilsad

Leave a Comment