විදෙස්

ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයි

ආර්ජන්ටිනාවේ ඡන්ද දායකයින් විසින් මෙවර මැතිවරණයේදී එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම දඬුවමක් දී ඇතිබව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 

ඒ ඊයේ (13) පැවති මූලික මැතිවරණයේදී කිසිවෙක් බලාපොරත්තු නොවූ ලෙස ජාවියර් මයිලේ නම් ආර්ථික විශේෂඥයාගේ පක්ෂයට වැඩි වාසි ලබාදෙමිනි.

 

එමගින් ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දැඩි තරගයක් ඇති වෙතැයි අනුමාන කෙරේ.

 

මේ වනවිට ප්‍රකාශිත ඡන්ද වලින් 90%ක් පමණ ගණන්කර ඇති අතර ඉන් 30.5%ක් හිමිකරගනිමින් ඉදිරියට පැමිණීමට ජාවියර් ගේ පක්ෂය සමත්ව තිබේ.

 

ඒ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයකි.

 

කොන්සර්වේටිව් මතයක් සහිත විපක්ෂය 28%ක් සහ පාලක පක්ෂය ප්‍රකාශිත ඡන්ද වලින් 27% වශයෙන්ද ලබාගෙන තිබේ.

 

මේ වනවිට ආර්ජන්ටිනාව දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන අතර එහි උද්ධමනය 116%ක් ලෙසත් ජනතාවගෙන් 16 දෙනෙක්ගෙන් සෑම 4 දෙනෙක්ම දුප්පත් වී ඇති බවත් සඳහන් ය.

Related posts

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Editor O

කේට් කුමරිය සිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම්

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment