දේශීය

වව්නියා බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවතට

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

 

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

 

පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබේ.

 

ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

මේ අතර මෙරට බන්ධනාගාර වෙත ආහාර හා ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් රැඳවියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.

Editor O

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

සංචාරකයින් 1,338 දෙනෙකු, ගුවන්තොටුපොළෙන් රියදුරු බලපත්‍ අරගෙන

Editor O

Leave a Comment