දේශීය

කෙසෙල්වත්තේ වෙඩිතැබීමට තරුණයින් දෙදෙනෙක් මාට්ටු

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20ක් සහ අවුරුදු 30ක් වයසැති මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

පසුගිය 30 වනදා කෙසෙල්වත්ත මාටිස් පටුමඟ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයෙකුව ඝාතනය කර තිබුණි.

 

වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය ලබා දී ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

ඔවුන් සතුව තිබී අදාළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

 

සැකකරුවන් අද (07) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

Mohamed Dilsad

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment