Trending Newsඑසැන පුවත්දේශීය

බොරලැස්ගමුව සහ ගන්දර වෙඩිතැබීම්වල සැකකරුවන් අල්ලයි

බොරලැස්ගමුව , මාලනී බුලත්සිංහල මාවතේ දී ඊයේ (24) අළුයම පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ..

කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධ්‍යට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල සහ රත්මලන යන ප්‍රදේශවලිනි.

අත්අඩංගුවට ගත සැකකරුවන් වයස අවුරුදු 19 සහ 20 පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය..

මේ අතර ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු නිවසක සිටි පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත..

ඔවුන් වයස අවුරුදු 28 සහ 47 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය සහ පැලියගොඩ පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම අපරාධ්‍ය විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගේ උපදෙස් මත සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. .

Related posts

வடக்கு கிழக்கில் புரட்சிகரமான அபிவிருத்தி [VIDEO]

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

President to appear before PSC on Sept. 20

Mohamed Dilsad

Leave a Comment